2021 අ.පො.ස. සාමාන්‍ය පෙළ ( 2022 මැයි ) විභාගයට පෙනී සිටීමට අපේක්ෂිත සිසු දරුවන්ගේ විෂය නිපුණතා සාධන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් දියත් කෙරෙන ‘ WINGS ‘ ප්‍රතිපෝෂණ වැඩසටහන් මාලාවේ සමාරම්භක සැසිය අද දින (ජනවාරි 24 ) තර්ස්ටන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී සාර්ථක ව පැවැත්විණි .
ප්‍රධාන සමාරාධිතයා වශයෙන් ඊට සහභාගි වූ , මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ විද්වතාණෝ , ස්වකීය ජීවන අත්දැකීම් පාදක කර ගනිමින් , පරාජය මතින් ම ජයග්‍රහණය හඹා යා හැකි ආකාරය පිළිබඳ හරවත් දේශනයක් පැවැත්වූහ. විද්‍යාලයීය විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයක් අනුව දියත් කෙරෙන මේ සුවිශේෂ ව්‍යාපෘතිය , හෙට ( 25 ) දින සිට ඉදිරියට ක්‍රියාත්මක කෙරෙනු ඇත. විද්‍යාලයීය වත්මන් සුවිශේෂ ව්‍යාපෘති මාලාවේ 6 වන අදියර වශයෙන් මේ වැඩසටහන දියත් කෙරේ.
![](https://thurstancollege.net/wp-content/uploads/2022/01/272622497_5350492238297479_5645778638114419521_n-819x1024.jpg)
![](https://thurstancollege.net/wp-content/uploads/2022/01/271751807_5350492371630799_4326873327977872384_n-819x1024.jpg)
![](https://thurstancollege.net/wp-content/uploads/2022/01/272201932_5350492524964117_3699024091361273556_n-819x1024.jpg)
![](https://thurstancollege.net/wp-content/uploads/2022/01/271742574_5350492821630754_7893135380475620094_n-1024x576.jpg)
![](https://thurstancollege.net/wp-content/uploads/2022/01/271761512_5350492964964073_4739579827630168445_n-1024x768.jpg)
![](https://thurstancollege.net/wp-content/uploads/2022/01/271912817_5350493274964042_1673305182698565383_n-1-1024x768.jpg)
![](https://thurstancollege.net/wp-content/uploads/2022/01/272314960_5350493471630689_1458701189016907927_n-1-1024x682.jpg)