Categories
News Newsflashes

11 ශ්‍රේණියේ සිසුන්ගේ ප්‍රතිඵල ඉහළ නංවාලීම සඳහා ක්‍රියාත්මක කෙරෙන ප්‍රතිපෝෂණ වැඩසටහන – WINGS

2021 අ.පො.ස. සාමාන්‍ය පෙළ ( 2022 මැයි ) විභාගයට පෙනී සිටීමට අපේක්ෂිත සිසු දරුවන්ගේ විෂය නිපුණතා සාධන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් දියත් කෙරෙන ‘ WINGS ‘ ප්‍රතිපෝෂණ වැඩසටහන් මාලාවේ සමාරම්භක සැසිය අද දින (ජනවාරි 24 ) තර්ස්ටන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී සාර්ථක ව පැවැත්විණි .
ප්‍රධාන සමාරාධිතයා වශයෙන් ඊට සහභාගි වූ , මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ විද්වතාණෝ , ස්වකීය ජීවන අත්දැකීම් පාදක කර ගනිමින් , පරාජය මතින් ම ජයග්‍රහණය හඹා යා හැකි ආකාරය පිළිබඳ හරවත් දේශනයක් පැවැත්වූහ. විද්‍යාලයීය විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයක් අනුව දියත් කෙරෙන මේ සුවිශේෂ ව්‍යාපෘතිය , හෙට ( 25 ) දින සිට ඉදිරියට ක්‍රියාත්මක කෙරෙනු ඇත. විද්‍යාලයීය වත්මන් සුවිශේෂ ව්‍යාපෘති මාලාවේ 6 වන අදියර වශයෙන් මේ වැඩසටහන දියත් කෙරේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *