Visit www.ThurstanCollege.com for more latest information's
Categories
Cricket Cricket Big Match News

Thurstan defeat Isipathana by 10 wickets in 62nd ‘Battle of the Brothers’

Thurstan College beat Isipathana College by 10 wickets in the 62nd ‘Battle of the Brothers’ annual school cricket encounter at the SSC grounds on Sunday. 

Batting first, Isipathana College scored 203 runs in their first innings while Thurstan College declared their first innings at 257/9.

However, in their second innings, Isipathana College could only manage 104 runs. 

As a result, Thurstan College had a target of 50 runs to win, which they successfully chased down without losing a wicket.

තර්ස්ටන් – ඉසිපතන 62වන ‘සහෝදරයන්ගේ සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් ලැබීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය අද (23) සමත් විය.

මෙම තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

තෙදිනක් පුරා පැවති මෙම තරගය පසුගිය 21වනදා ආරම්භ වූ අතර, එහිදී පළමුව පන්දුවට පහරදුන් ඉසිපතන විද්‍යාලය පළමු ඉනිමට ලකුණු 203/10ක් රැස්කළේය.

ඊට පිළිතුරු ලෙස තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිමට ලකුණු 257/9ක් රැස්කර ඉනිම අත්හිටුවීය.

නැවතත් දෙවන ඉනිම ක්‍රීඩාකළ ඉසිපතන විද්‍යාලයට එවර රැස්කළ හැකිවූයේ ලකුණු 104/10ක් පමණි.

ඒ අනුව තර්ස්ටන් විද්‍යාලයට ලකුණු 50ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවිය.

එම ඉලක්කය කිසිවෙකුත් නොදැවී පසුකර යෑමට ඔවුන්ට හැකිවිය.

‘බ්ලැක්හැම් විජේවර්ධන අනුස්මරණ කුසලාන’ සඳහා පැවැත්වෙන මෙම වාර්ෂික ක්‍රිකට් තරගය 1964 වසරේදී ආරම්භ වූවකි.

ඉන් අද ලැබූ ජයග්‍රහණයත් සමග තර්ස්ටන් විද්‍යාලය අවස්ථා 7කදී මහා ක්‍රිකට් තරගය ජයගෙන තිබේ.

එමෙන්ම අවසන්වරට ඔවුන් ජයග්‍රහණයක් ලබා තිබුණේ 2019 වසරේදීය.

මෙම තරගය තුන්දින තරගයක් ලෙස පැවැත් වූ පළමු අවස්ථාවද මෙය වෙයි.

Fan Photos – Thurstan College vs Isipathana College – 62nd Battle of the Brothers | Day 2

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *