Visit www.ThurstanCollege.com for more latest information's
Categories
News

2024 ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩයිම් ලකුණු නිකුත් කෙරේ / School cut-off marks of 2024 Grade 5 Scholarship exam released

News Souce | මාධ්‍ය ඒකකය – අධ්‍යාපන අමාත්‍යාංශය

2024 වර්ෂයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2025 හය ශ්‍රේණියට ශිෂ්‍යත්වධාරීන් යොමු කිරීම සඳහා තීරණය වූ පාසල් කඩයිම් ලකුණු නිකුත් කර ඇත.

අද (14) සිට සිසුන්ට ලැබී ඇති පාසල් https://g6application.moe.gov.lk/ සබැඳිය වෙත පිවිසීමෙන් පරීක්ෂා කර ගත හැකිය.

2024 පස්වන ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සුදුසුකම් ලබා ඇතත්, මෙම කඩයිම් ලකුණු අනුව පාසලක් ලැබී නොමැති වෙනත් සාධාරණ හේතු මත ලැබී ඇති පාසල වෙනස් කර ගැනීමට අවශ්‍ය සිසුන්ට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට මාර්ගගත (Online) ක්‍රමයට පහසුකම් ඉදිරියේ දී සලසන අතර අභියාචනා ඉදිරිපත් කළ හැකි කාල සීමාව පසුව දැනුම් දෙනු ඇත.

සියලු අභියාචනා එම මාර්ගගත වැඩසටහන හරහා පමණක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කළ යුතුය.

පාසල් අනුව කඩයිම් ලකුණු පහතින් දැක්වේ.

The school cut-off marks for the admission of students to Grade 06 of the schools based on the results of the 2024 Grade 5 Scholarship Examination have been released by the Ministry of Education.

Accordingly, the ministry said the students can check the schools that they have been selected to, using the following link starting today (14): https://g6application.moe.gov.lk/

Students who have qualified based on the 2024 Grade 5 Scholarship Exam but have not received a school or wish to request a transfer for valid reasons will be given the opportunity to submit appeals online. 

The deadline for appeals will be announced later, it said.

All appeals must be submitted exclusively through the online platform to the Ministry of Education, Higher Education, and Vocational Education.

CLICK HERE TO DOWNLOAD FULL LIST

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *