Visit www.ThurstanCollege.com for more latest information's
Categories
Newsflashes

Distinguished Thurstanite, Air Vice Marshal (Rtd) Sampath Thuyacontha WWV, RWP, RSP On Being Appointed as the Secretary of defense

Air Vice Marshal (Retired) Sampath Thuyacontha has been appointed as the new Secretary of Defence.

Thuyacontha joined the Sri Lanka Air Force on 17th of May 1988 to the 19th Intake as an Officer Cadet and was commissioned as a Pilot Officer in the General Duties Pilot Branch in the year 1990. 

After completion of training in the year 1990 he was deployed for flying duties as an operational pilot in Bell 212/412 helicopters. In 2001, he was posted to No 9 Attack Helicopter Squadron, Sri Lanka Air Force Base Hingurakgoda as the Second in Command and later was appointed as the Commanding Officer in the year 2005. 

During his long tenure, he actively participated for all major operations which includes Humantarian War to liberate North and East and he managed to log more than 7000 flying hours as an Operations/ VIP and Attack Helicopter Pilot of Sri Lanka Air Force.
 
Air Vice Marshal Thuyacontha also served as the Defense Adviser to the High Commission of Sri Lanka in Islamabad, Pakistan for a period of two years and as the Chief Instructor of the Defence Services Command and Staff Collage in the year 2014.

For his individual acts of gallantry and bravery in the face of the enemy during the Humanitarian Operations he was decorated with “Weera Wickrama Vibhushanaya” (WWV), “Rana Wickrama Padakkama” (RWP) and “Rana Sura Padakkama” (RSP) on several occasions.

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පත් කර ඇත.

1988 මැයි මස 17 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා කැඩෙට් නිලධාරියෙකු ලෙස එක් වූ තුයියකොන්තා මහතා, 1990 වර්ෂයේදී සාමාන්‍ය රාජකාරි නියමු නිලධාරියෙකු ලෙස පත් කරන ලදී.

එමෙන්ම 1990 වසරේ හෙතෙම බෙල් 212/412 හෙලිකොප්ටර් යානාවල මෙහෙයුම් නියමුවෙකු ලෙස පියාසර රාජකාරි සඳහා යොදවා ඇත. 

2001 වසරේ දී ඔහු දෙවන අණදෙන නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණයට පත් කරන ලද අතර, පසුව 2005 වසරේදී  අණදෙන නිලධාරි ලෙස පත් කරන ලදී.

ඔහු සිය දීර්ඝ සේවා කාලය තුළ උතුරු නැගෙනහිර මුදාගැනීමේ මානුෂීය මෙහෙයුම ඇතුළු සියලුම ප්‍රධාන මෙහෙයුම් සඳහා ක්‍රියාකාරීව සහභාගී වී ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවෙකු ලෙස පියාසර පැය 7,000කට අධික කාලයක් වාර්තා කිරීමට ද සමත් වී ඇත.

ඔහු වසර දෙකක කාලයක් පාකිස්තානයේ ඉස්ලාමාබාද් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස ද කටයුතු කළේය.

මානුෂීය මෙහෙයුම් වලදී ඔහු කළ විශිෂ්ට සේවාව වෙනුවෙන් ‘වීර වික්‍රම විභූෂණ’ (WWV), ‘රණ වික්‍රම පදක්කම’ (RWP) සහ ‘රණ සූර පදක්කම’ (RSP) යන ගෞරවයන් හිමිකරගෙන ඇත.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *