Visit www.ThurstanCollege.com for more latest information's
Categories
Newsflashes

Back to School – Season 2 |ආදී සිසුන්ගේ දෙමව්පියන් වෙත කෙරෙන විශේෂ දැනුම් දීමයි!

හිතවත් දෙමව්පියනි,

2025 නොවැම්බර් මස 2වන ඉරු දින පැවැත්වීමට නියමිත Back 2 School, Season 2 ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට මේ වන විට සියලුම කටයුතු සුදානම් කර ඇති බව සතුටින් දන්වා සිටිමු. මෙම වැඩසටහන උදෑසන 8.30 සිට පස්වරු 1.30 වන තෙක් පැවැත්වෙන අතර, එදින සාමාන්‍ය පරිදි පාසලේ වැඩකටයුතු සිදු කෙරේ. මෙහිදී පහත කරුණු පිළිබඳව ඔබගේ අවදානය යොමු කරන මෙන් ඉල්ලා සිටිමු.

– එදින පාසල වෙත පැමිණීම සඳහා නුගේගොඩ සහ කඩවත සිට “ආදී සිසු සැරිය” නමින් බස්රථ 2ක් ධාවනයට යොදවා ඇති අතර ඔබගේ දරුවා ඉතාමත් පරිස්සමෙන් යුතුව එම බස්රථ වෙත භාර දෙන මෙන් ඉල්ලා සිටිමු.
– දිගු නිවාඩුවකින් පසු පාසලට පැමිණෙන බැවින්, කොණ්ඩා, රැවුල් නිසි ආකාරව සකසා එවන මෙන් ඉල්ලා සිටිමු.
– පාසැල් නිල ඇදුම අනිවාර්‍ය වන අතර වැසි බර කාලගුණයක් පැවතෙන බැවින්, වැසි කබායක් හෝ කුඩයක් ඔවුන්ගේ බෑගයට දමා එවන්න.
– එදින ප්‍රධාන ශාලාවේ දී වාර්ෂික කළා උළෙල පැවැත්වෙන අතර, ආරාධිත බාලක සහ බාලිකා පාසල් පැමිණෙන බැවින්, පාසලේ කීර්ති නාමයට කැළලක් නොවන සේ හැසිරෙන ආකාරය ඔවුන් හට කියා දී එවන මෙන් ඉල්ලා සිටිමු.
– පාසලේ සියලුම පන්තිකාමර නවතම තාක්ෂණයෙන් යුක්තව අළුත්වැඩියා කර ඇති අතර, එය ජාතික සම්පතක් සේ රැකගත යුතු බව ඔබගේ දරුවට පහදා එවන මෙන් ඉල්ලා සිටිමු.

පාසල අවසන් වූ පසු After School වැඩසටහන, තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ දී සවස 2.00 සිට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

– අධික ග්‍රීස්ම සහිත කාලගුණයක් ඇති බැවින්, වතුර බෝතලයක් එවන්නේනම් මැනවි.
– විවිධ ක්‍රියාකාරකම් රැසක් ඇති බැවින් සුදු කමිසය වෙනුවට, ක්‍රීඩා කිරීම සඳහා වෙනත් පාට ඇදුමක් (තර්ස්ටන් ටී-ෂර්ටයක් නම් බෙහෙවින් සුදුසුය) ඔබගේ දරුවාගේ බෑගයේ දමා එවන්න. සියලුම සිසුන් මෙම ක්‍රියාකාරකම් සිදු කළ යුතු අතර සුදු කමිසයෙන් යුතු කිසිදු ළමයෙක් After School වැඩසටහන සඳහා ක්‍රීඩාංගණයට ඇතුලත් කර නොගන්නා බව දන්වා සිටිමු.
– ඔබගේ දරුවා යම්කිසි අසනීප තත්වයකින් පෙලේ නම් ඒ පිළිබඳව දැනුවත් කරනලද ඔබගේ අත්සනින් යුතු ලියුමක්, දරුවා සමග එවන මෙන් ඉල්ලා සිටිමු. (අනිවාර්‍ය නැත).
– රාත්‍රී 7 වනවිට මෙම සියලුම ක්‍රියාකාරකම් අවසන් කිරීමට කටයුතු කර ඇති අතර, ඔබගේ දරුවා රැගෙන යාම සඳහා රාත්‍රී 7 වන විට තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ ප්‍රධාන පිවිසුම අසලට පැමිණෙන ලෙස ඉල්ලා සිටිමු.

ඔබගේ දරුවා අපට ඉමහත් සම්පතකි. ඔවුන් සුරැකීම අපගේ යුතුකමයි. ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස, ඔවුන්ගේ ක්‍රියාකාරකම් සජීවීව නැරඹීමට අවශ්‍ය සියලුම පහසුකම් අප විසින් සපයා ඇත. තර්ස්ටන් විද්‍යාලයීය නිල facebook ගිණුම ඔස්සේ ඔබගේ දරුවාගේ ක්‍රියාකාරකම් එදින උදෑසන 8.30 සිට නැරඹිය හැකිය.

ස්තුතියි!

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *